දවසක හිමි විය යුතු මෙවන් ආදරයක්❤️🌸


කතා නොකර දවස් ගනන් ඉන්න පුලුවන් ආදරයක් නෙවෙයි 

නුබ එක්ක කතා නොකර වරුවක්වත් ඉන්න බැරි ආදරයක්


නුබගෙන් වැරැද්දක් උන විට නුබව පහත් කරන නෙවෙයි

එය හදන් නුබ එක්ක ජිවිතේ ගෙනියන ආදරයක්


රන්ඩු වෙලා බැනගෙන පොන් එක කට් කලත් විනාඩි පහකින් ආයේ කොල් අරන් විහිලුවක් කරලා ආයේ නුබව හිනස්සන නුබව සනසන ආදරයක්


යන  එන කන බොන නුබ ගැන හොය හොය පරිස්සම් කරන ආදරයක්


හිතේ තියන හැමදෙයක් එයාගේ ජිවිතේ වෙන හැමදේම නුබට හංගන්නේ නැතිව කියන කෙනෙක්


මන් ගැන හොයන්නෙ නෑ කිය කියා ඔලුව කන නෙවෙයි , එයා ගැන  උඹ වගක් නැති උනත් උඹ ගැන වදවෙන ආදරයක්


උබ කරන ඕන ගො න් වැඩකට මෝඩ වැඩකට විවේචනය නොකර උදව් කරලා එකට හිනා වෙන ආදරයක්


නීතිදාල බලෙන් ලඟ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි අත හරින්නත් ලෝභ හිතෙන තරමටම ආදරේ කරන ආදරයක්


හිත් රිදීම් වලට පෙරලා හිත් රිදෝන නෙවෙයි හැමදේම ඉවසන් ඇයි මැණික මේ තරහ ගන්නෙ අහන ආදරයක්


ගොඩ යන්න දඟලන දැඟලිල්ලට නුබට වචනෙන් හරි උඹට ශක්තියක් වෙන  ආදරයක්


දිනෙක නුබ පතන ආදරේ හිමි වේවා, අහිමි නොවේවා කවදාවත් ❤

මල් මල් සිනා

හද මල් පුරන් 

ඈ පෑ සිනා

මා සිත දරන්.....


කෙඳිරූ වඳන්

නුඹ නෙත් වසන්

මතකයි සදා

සිත් පතුලේ තියන්.......


කොඳුරන්න පෙම් 

සුමියුරු වඳන්

නැලවෙන්න පෙම් 

තුරුලේ ඉඳන්........


මනෝජ් ප්‍රියංකර. 🖊️ 


Comments